March 29, 2024

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

අද පස්වරුවේ නිකුත් වූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථපල වලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 194,297දෙනෙකු සරසවි වරම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රතිශතයක් ලෙස සියයට 64.39ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 301,771කි.

ඉන් විභාග අපේක්ෂකයින් 86දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කර ඇත.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සපයන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 17:21