April 24, 2024

රටම "ලොක්ඩවුන්" කිරීමේ තීන්දුව අද හවස හෝ හෙට විය හැකියි - ඇමැති කෙහෙළිය කියයි

කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමා හෝ රට වසා දැමීමේ තීරණ අද සවස හෝ හෙට උදේ වුවද ගත හැකි බවසම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පවතින තත්ත්වය සමග සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ අද(05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සංචරණ සීමාවන් පැනවීම සිදු කරන්නේ කොරෝනා රෝගීන් වාර්තා වීම ගැන සිදුකරන ලද විශ්ලේෂණයකින් පසු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවතින තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත් එම තීන්දු ගනු ලබන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවත් කියා සිටියේය.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ රටපුරා සංචරණ සීමා පැනවීම ගැන සාකච්ඡා කළේදැයි මාධ්‍ය වේදීයෙකු ඇසු ප්‍රශ්නයට ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේ්ය.

‘ඒ තීරණය අද හවස හෝ හෙට වෙන්න පුළුවන්’ යැයිද ඇමතිවරයා පැවසීය. 

කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ වලට පමණක් සංචරණ සීමා පැනවීම සිදුකරමින් සිටින බවද පවතින තත්ත්වයන් අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වනවිටත් මතුව නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)