April 25, 2024

තකතීරුවන් කිහිපදෙනෙකු ඇමැති සුදර්ශනිගේ කකුලෙන් ඇද්දා - මරික්කාර් සුදර්ශනීට වෙච්ච දේ කියයි

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස ඉතාම වගකීමෙන් යුතුව තීරණ ගැනීමට උත්සහ කල බවත් තකතිරුවන් කිහිපදෙනෙකු එකතු වී එතුමියගේ කකුලෙන් ඇද ලොක්ඩවුන් කරන්න නොදී වැඩපිළිවෙල කඩාකප්පල් කල බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරිකාර් මන්ත්‍රීවරයා පවසයි.

තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ස්තූතිවන්ත වන බවද සඳහන් කළේය.

අඩු ආදායම්ලාභීන්ට මාස 6ක සහන කාලයක් ලබා දෙන ලෙසත් ත්‍රි රෝද රථ රියදුරන්ට සහනයක් ලෙස ඉල්ලුවත් එම සහනය ජනතාවට නිසිආකාරව නොලැබුණු බවද සඳහන් කරයි.

පී.සී.ආර් පරීක්ෂණ 15,000 සිට 5,000 දක්වා අඩු කල බවත් දෙවෙනි රැල්ල රට තුල නිර්මාණය වීමට ඉඩ දී බලාගෙන සිටි බවත් පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලක්ෂ 10ක් ඉන්දියාවෙන් ලබා දුන් බවත් ඉන් ලක්ෂ 5ක් පරිත්‍යාගයක් බවත්, ඊළඟ ලක්ෂ 5 මුදල් ගෙවා ලබා ගත් බවත්, ලක්ෂ 02 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දුන් බවද සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව ලක්ෂ පනස් දහසකට පමණ එන්නත් පළමු මාත්‍රාව ලබා දුන්නද දෙවැනි මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් නැති බවය.

පී.සී.ආර් පරීක්ෂණ අඩු කිරීම මඟින් තුන්වන රැල්ලක් ඇති වූ බවත් පවසයි.

එන්නත ගෙන ඒමට නොහැකි වීමෙන් සර් ෆේල් බව නැවත වතාවක් ඔප්පු කර හමාර බවද මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 16:11