May 15, 2021

"බය නොවී ඉන්න දෙවෙනි එන්නත දෙන්නම්" - දයාසිරි, වෙල්ගම පැටලෙයි (VIDEO)

තමා දෙවැනි එන්නත තියා පළමු එන්නතවත් ලබා නොගත් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දයාසිරි ජයසේකර මහතාගේ කතාව අතරවාරයේ නැගී සිටිමින් සඳහන් කලේ "ඉන්දියාව ගැන කතා කරනකොට ඔය ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එක හඳන කොම්පැණියේ අයිතිකාරයා එහෙන් පැනලා ගිහිල්ලා එංගලන්තයේ ඉන්නවා කියන එක ඇත්තද කියන එක තමයි මට දැනගන්නට ඕනේ. ඒක ඇත්තද බොරුද?" ලෙසය.

එවිට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එය තමා නොදන්නා බවත් එය ඔබතුමා සොයා ගත යුතු කාරණයක් බවද සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

"කොහේ පැනලා ගියත් අපිට අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ලබා ගැනීමේ වැඩපිළිවෙල ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔබතුමාට ගහගන්න පුළුවන්.මමත් ගැහුවේ නැහැ. මම දෙවෙනි එක ගැහුවෙත් නැහැ පලවෙනි එක ගැහුවෙත් නැහැ. ඔබතුමා පලවෙනි එක ගැහුවානේ. දෙවෙනි එක දැන් දෙනවා ඔබතුමා බයවෙන්න එපා. මට හැදුනා.ඒත් ගහගන්න පුළුවන්. අනිත් කට්ටිය ගහගෙන තියෙන්නේ ඔක්කොම. මම ගහගෙන නැහැ මේ වනතුරු එන්නත්. නමුත් මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට දෙවෙනි එකනේ ගහන්න තියෙන්නේ? දැන් දෙන්නම් කිසි ගැටළුවක් නැහැ."

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 May 2021 15:13