April 24, 2024

දුම් සහතිකයට අධිභාරයක් - පරිසර ඇමති පාර්ලිමේන්තුවට කියයි

වාහන සඳහා නිකුත් කරන දුම් සහතිකයට අධිභාරයක් එකතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) ප්‍රකාශ කරන ලදී.

එම අධිභාරය පනවන්නේ වාහන දුම් සහතික වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීම සඳහා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

වාහනයක් සදහා දුම් සහතියක් ලබා ගැනීම මේ වන විට නීතියෙන් අනිවාර්ය කොට තිබෙන අතර වාහන බලපත්‍රය අලුත් කිරීමේදී දුම් සහතිකය අත්‍යවශ්‍ය වේ.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය අතරතුරය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 May 2021 14:49

Related items