March 29, 2024

රන්ජන්ට තත්පර 30යි: හරින්ට විනාඩි 30යි - ජනපති ඉදිරියේ සජිත්ගේ වැඩි කැමැත්ත කාටද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක සහ හරින් ප්‍රනාන්දු මහත්වරුන් මුල්කොටගෙන ජනපතිවරයාට කතා කොට ඇති බව සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වසර 4 ක සිර දඬුවමක් විදිමින් සිටින රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීම සම්බන්ධයෙනුත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සම්බන්ධයෙනුත් සමගි ජන බලවේගයේ නායකයාද වන විපක්ෂ නායකවරයා ජනපතිවරයාට කතා කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ජනපතිවරයා සමඟ කළ කතාබහ තත්පර 30 කට ආසන්න කාලයකට සීමා කොට ඇති අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය විනාඩි 30 ක් පුරාවට ජනපතිවරයා සමග කතා බස් කොට ඇති බවද පෙන්වා දෙන ආරංචි මාර්ග සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතාට වඩා හරින් ප්‍රනාන්දු මහතාට වැඩි කැමැත්තක් දක්වන බව ඉන් පැහැදිලි වන බවද සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ඉල්ලීම සම්බන්ධයෙන් ලිපි ලේඛන මේ වන විට අවසන් අදියරේ පවතින අතර හරින් ප්‍රනාන්දු මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුව සැත්කමකට භාජනය කළ බවද ප්‍රකාශ වේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 May 2021 13:25