April 19, 2024

එංගලන්ත කොවිඩ් ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍රයි..තවත් දරුණු ප්‍රභේද ඇති විය හැකියි - ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ මෙන්න (VIDEO)

රත්මලාන, අවිස්සාවේල්ල, පොල්ගස්ඕවිට, කුලියාපිටිය, වාද්දුව වැනි ප්‍රදේශවලින් ලබා ගත් සාම්පලයක් මඟින්ම ලැබුනේ එංගලන්ත ප්‍රභේදය (B-117) බව Genelabs ආයතනයේ නිර්මාතෘ ආචාර්ය චන්දනමලි පුංචිහේවා මහත්මිය සඳහන් කරයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහන් කළ පරිදි බොරලැස්ගමුව, කොළඹ ප්‍රදේශ ද දක්නට ලැබුණු බව තමන්ගේ ආයතනය ද සොයා ගත් බව ඇය පැවසිය.

B-117 හැරෙන්න පරණ ලංකාවට ආවේනික පළමු හා දෙවන රැළිවල ප්‍රභේදය හමු වුයේ නැති බවද සඳහන් කරයි.

B-117 පැතිරීමේ අවධානම ඉතා අවදානම් බවත් මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍ර බවත් එලෙස සිදු වුවහොත් මෙය මීට වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළ කර සිටියේ යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 12:25