April 23, 2024

සිය සැමියා ගරු මන්ත්‍රී ලෙස හඳුන්වමින් රිෂාඩ්ගේ බිරිඳගෙන් ජනපතිට චෝදනාත්මක ලිපියක්

සිය ස්වාමි පුරුෂයා වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ව හිතුවක්කාර ලෙස, පදනම් විරහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින් රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ වූ අයේශා රිෂාඩ් මහත්මිය ජනපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

2021 මැයි 3 දාතමින් ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ජනපතිවරයා වෙත යැවූ විශේෂත්වය වන්නේ අයේශා රිෂාඩ් මහත්මිය විසින් සිය ස්වාමිපුරුෂයාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් දෙස හඳුන්වා තිබීමය.

සිය ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගත්තේ නීතිවිරෝධීව සහ අසාධාරණ ලෙස බවත් ඒ හේතුවෙන් තමා සහ තම දරුවන් දැඩි පීඩනයකට ලක්ව තිබෙන බවද එම ලිපියේ සඳහන්ය.

රාමදාන් මාසය වූ අප්‍රේල් මස 24 වැනි දින උදෑසන පාන්දර 3 ට අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය නිවසට පැමිණ ස්වාමිපුරුෂයාව අත් අඩංගුවට ගත් බවත් එසේ අත් අඩංගුවට ගැනීමට හේතුවවත් ඉදිරිපත් නොකළ බවද අයේශා රිෂාඩ් මහත්මිය සිය ලිපියෙන් ජනපතිට දන්වා යවා තිබේ.

කරුණු සොයා බැලීමේදී තමන්ට දැනගන්නට ලැබුනේ ස්වාමි පුරුෂයා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ අතිරේක ලේකම් ලෙස කටයුතු කර බාලසුබ්‍රමනියම් මහතා සමග මෙන්ම බාලසුබ්‍රමනියම් මහතා සහ ඉන්සාෆ් අහමඩ් යන පුද්ගලයින් අතර සිදු වූ දුරකථන සංවාද මුල්කොටගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බව ද එම ලිපියේ සඳහන් කොට තිබේ.

අයේශා රිෂාඩ් මහත්මිය ජනපතිවරයා වෙත යවා ඇති ලිපිය ඉතා දිග ලිපියක් වන අතර එමගින් රිෂාඩ් බදුදීන් මහතා පමණක් නොව ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම ගැන මෙන්ම සහරාන් හසීම් මරාගෙන මැරෙන බෝම්බයක් ප්‍රහාරයක් එල්ල කිරීමටවූ කරුණු 8 ක්ද එම ලිපියට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

අල්ලා දෙවියන්ට විවෘතවම අවමාන කිරිම, කුලියාපිටියේ දී අල්ලා දෙවියන් සහ ඌරෙකු සම්බන්ධකොට කළ සිදුවීම, අල්ලා දෙවියන් යළි උපදින බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කර තිබෙන ප්‍රකාශය, මහම්මත්තුමාට ප්‍රසිද්ධියේම අපහාස කිරීම, කුරානය ප්‍රසිද්ධියේම ගිනි තැබීම, මුස්ලිම් පල්ලිවලට පහර දී කඩා බිඳ දැමීම, මුස්ලිම්වරුන්ගේ නිවාස කඩා බිඳ දමා ඔවුන්ගේ භූමි බලෙන් අත්පත් කර ගැනීම, ඔත්තු සේවා නිලධාරීන් මුස්ලිම් කාන්තාවන් දූෂණය කොට එය වසන් කිරීම යන කාරණා පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද අයේෂා රිෂාඩ් මහත්මිය එම ලිපියෙන් ජනපතිවරයාට දන්වා තිබේ.

සිය ලිපියෙන් ඉදිරිපත් කොට තිබෙන කරුණු සලකා බලා සිය ස්වාමි පුරුෂයා සහ ඔහුගේ සොහොයුරා නිදහස් කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන මෙන්ද අවශ්‍ය ඕනෑම විටෙක කෙරෙන පරීක්ෂණවලට සහාය දීමට තම පාර්ශවය සූදානම් බවද අයේශා රිෂාඩ් මහත්මිය ජනපතිවරයාට යැවූ ලිපියෙන් අවසාන වශයෙන් ඉල්ලීමක්ද කර තිබේ.

මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දින 90 ක රැඳවුම් නියෝග මත රිෂාඩ් බදුදීන් මහතා රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 11:57