April 18, 2024

සා.පෙළ, උ.පෙළ විභාගයේ කාල වකවානු වෙනස් වෙයි - අධ්‍යාපනයේ ලොකු වෙනසක්

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස්‍ පෙළ) විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගත වන කාලය අවම කිරීම මඟින් අවම කාල සීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමට අදාලව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යූහගත කිරීම, අ‍.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය අගෝස්තු මාසයේ දීද අ‍.පො.ස. (උසස් පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජනා කර තිබේ.

එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 03ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගත වන මාස 45ක කාල සීමාව මාස 32 දක්වා අඩු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලසීමද එම කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දී තිබේ.

No photo description available.

No photo description available.

Rate this item
(0 votes)