April 25, 2024

ICU ඇඳන් 686න් කොවිඩ් රෝගීන් ඉන්නේ 57යි - ධාරිතාව ගැන යුද හමුදාපතිගෙන් පිළිතුරු

මෙරට තිබෙන සියලුම රෝහල්වල ඇඳන් 86153 වගේ සංඛ්‍යාවක් තිබෙන බව කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එයින් ඇඳන් 5728ක් පමණ කොවිඩ් වෙනුවෙන් වෙන් කර ඇති බවද සඳහන් කරයි.

හමුදාවෙන් දුන් නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට මේ රෝගීන් රැක බලා ගැනීමට ක්‍රියා කල බවද සඳහන් කළේය.

සති අන්තය වන විට ඇඳන් ධාරිතාවය 20,000 දක්වා වැඩි කර ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා පැවසිය.

දැඩි සත්කාර ඒකක ඇඳන් දැනට ලංකාවේ 686ක් පමණ ඇති බවත් 110 කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන් කර ඇති බවද ඊයේ වන විට ඇඳන් වල ඉන්න රෝගීන් ගණන 57ක් බවද ඒ මහතා සඳහන් කරයි.

දැඩි සත්කාර ඒකක ඇඳන් වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවට පල වන චෝදනා අසත්‍ය බවද හමුදාපතිවරයා සඳහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට මේ වන විට දැඩි සත්කාර ඒකක ඇඳන් 38ක් ලබා දිමට කටයුතු කර ඇති බවත් එයින් දැනට 10ක් පමණ පාවිච්චි කර ඇති බවද පවසයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ සකස් කොට තිබුනද ඔවුන්ට එයට අවශ්‍ය කාර්ය මණ්ඩලය තිබුනේ නැති බවත් රෝගීන් 10ක් ගනිද්දී කාර්ය මණ්ඩලය 10ක් ලබා දුන් බවද සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ දෙරණ නාලිකාවේ ඊයේ (03) රාත්‍රී පැවැති 360 සංවාදාත්මක සාකච්ඡාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 11:36