March 29, 2024

"මම දීපු මාධ්‍ය නිදහස ඔළුවේ තියාගන්න" - ලෝක නිදහස් මාධ්‍ය දිනයේ හිටපු ජනපති මතක් කරයි

අද (4) ලෝක නිදහස් මාධ්‍ය දිනයයි.

මාධ්‍ය හරහා වැජඹෙන බොහෝ දේශපාලනඥයන්ට ඒ දිනය අමතක වුවද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නම් ඒ දිනේ අමතක වී නොමැත.

අදට (4) හිදී ඇති ලෝක නිදහස් මාධ්‍ය දිනය නිමිත්තෙන් හිටපු ජනපතිවරයා විශේෂ පණිවිඩයක් නිකුත් කොට තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු මාධ්‍යවේදියෙකුට බලපෑමක් හෝ තර්ජනයක් රාජ්‍ය සහ දේශපාලන යන්ත්‍රණය තුලින් සිදු නොවීමට තරම් ශිෂ්ට සම්පන්න පාලන ක්‍රමයක් මා විසින් ක්‍රියාත්මක කරන ලද බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම පණිවිඩයේ සඳහන් වේ.

එසේ තමා විසින් තහවුරු කරන ලද මාධ්‍ය නිදහස අර්ථවත් ලෙසත්, ශිෂ්ට සම්පන්න ලෙසත් සියලු දෙනා වර්තමානයේ භුක්ති විඳිනු ඇති බව තමා විශ්වාස කරන බව ද හිටපු ජනපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කොට තිබේ.

නූතන ලෝකය තුළ මිනිසා දැනුවත් කිරීම සහ දේශපාලනඥයා ශිෂ්ට සම්පන්න කිරීම මාධ්‍ය තුළින් සිදු කරන බව සිය පණිවිඩය හරහා අවධාරණය කරන හිටපු ජනපතිවරයා සියලු මාධ්‍යයන්ගේ නිදහස් මාධ්‍ය භාවිතය තමා ජනපති ධුරය දැරූ කාලයේ තමන් විසින් තහවුරු කළ බවද මතක් කර දෙයි.

තමා විසින් තමා ඇතුළු ඕනෑම කෙනෙකු විවේචනය කිරීමට මාධ්‍යයට ලබාදුන් නිදහසේ අගය වැඩිකල් යාමට මත්තෙන් මෙරට ජන සමාජයට තේරුම් යනු ඇති බව මීට පෙර කිහිප වතාවක්ම හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 11:18