April 25, 2024

අවුරුදු 28ක් තිස්සේ සිරසේ මොනවද කළේ? කිංස්ලිගේ පැටිකිරිය ගැන සිරස කියයි (VIDEO)

කිංස්ලි අවුරුදු 28ක් තිස්සේ සිරසේ මොනවද කළේ? යනුවෙන් අද සිරස නාලිකාවේ විශේෂ වැඩසටහනක් විකාශය කළේය.

පාසල් අධ්‍යාපනය නිමා කොට සිරස ආයතනයට පැමිණෙන කිංස්ලි රත්නායක මහතා ශ්‍රාවකයා අමන්දානන්දයට පත් කිරීමට සමත් විය.

දිනෙන් දින ඔහු ලබා ගත් ශ්‍රාවක එකතුව නිසා ඔහුගේ ජනප්‍රියතාවය වැඩි විය.

ඔහු සිරස ආයතනයේ සේවය කරන කාලයේදී ප්‍රධාන නිවේදක, වැඩසටහන් කළමනාකරු, අධ්‍යක්ෂ සිරස එෆ්.එම්, සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානි යන තනතුරු හෙබවිය. 

කෙසේවෙතත් ඔහු අවස්ථා කිහිපයකදීම යුටියුබ් නාලිකා සමඟ සාකච්ජාවන්ට එක්වෙමින් සඳහන් කළේ තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බවය.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 19:56