April 19, 2024

ජනපති කැඳවූ ආණ්ඩු මන්ත්‍රී රැස්වීම හදිසියේම අවලංගු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (03) පස්වරු 6.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

අද උදෑසන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කොට ඇති බව ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව එම රැස්වීම හෙට දහවල් 12.00ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

මීට මාස 2කට ඉහතදීද ජනාධිපතිවරයා මෙසේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබුණද අවසන් මොහොතේ ඊට ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා එදින වෙනත් රැස්වීමකට සහභාගී වූ අතර දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණ.

Rate this item
(0 votes)