April 20, 2024

වසංගත තත්ත්වය හමුවේ රන්ජන් ආරක්ෂිතයි

යළිත් හිස ඔසවමින් තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාව ගැන අගුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කොට ඇති බව සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතාට වෙනම සිරමැදිරියක් මෙන්ම අවශ්‍ය පහසුකම් ද ලබා දී තිබෙන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින වසංගත තත්වය හමුවේ රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය වරප්‍රසාද යටතේ අවස්ථාව තිබුණද ඒ සඳහා කොළඹින් විශේෂ අවසරයක් ලබාගත යුතුව තිබේ.

අවසන් වරට එසේ අවසරයක් ලබාගෙන රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට මීට දින 10 කට පමණ පෙර ගොස් තිබුණේ සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.

පවතින වසංගත තත්වය හමුවේ රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ලිඛිත කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

මීට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා මේ වන විට පොතක් ලිවීම සඳහා කරුණු ඒකරාශි කරමින් සිටින බවද සිටින බවද වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 May 2021 11:23