April 24, 2024

"ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන වෙන්න පුළුවන්" - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් Featured

ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය.

එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.

ඇය මෙම අදහස් පල කර සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඇය මෙලෙස අදහස් දැක්වීය.

"මේක අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියාත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම් අපි අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට යොමු වෙන්න වෙනවා."

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 May 2021 21:49