April 23, 2024

ඉන්දියාවේ සිට ලංකාවට පැන ආ පිරිසට PCR කරලා

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවෝ දෙදෙනෙකි.

මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනකු ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.

එම කාන්තාව හා ඇගේ දරු දෙදෙනා අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පිරිසක් ලංකාවට පැන ඇවිත් - එක් අයෙක් ආගිය අතක් නැහැ (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 May 2021 12:13