April 18, 2024

"සිරසෙන් එද්දී අම්මා මතක් වුණා" - ජනපති ලඟට ගිය හේතුව කිංස්ලි හෙළි කරයි (VIDEO)

අභියෝගාත්මක රැකියාවක් කොට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් පසු දින තමා හරිම සැහැල්ලුවෙන් නින්දට ගිය බව සිරස නාලිකාවේ ප්‍රධානියෙකු වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

තමාට එය වෙනස් හැගීමක් බවත් තමාට මෙලෙස ලැබුණු නිදහස වැඩිකල් තිබෙන්නේ නැති බවද පැවසිය.

තමා මාධ්‍ය ජිවිතයට පැමිණි ආකාරය පිලිබඳ ද ඒ මහතා මතකය අවදි කළේය.

දේශපාලඥයින් තමන් සමාජ මාධ්‍ය දන්නා බව පෙන්වන්නට යාමෙන් සිදු වන්නේ අනවශ්‍ය අවධානයක තමන් වෙත යොමු වීමක් බවද සඳහන් කළේය.

සිරස නාලිකාවෙන් ඉවත් වීම අතිශය පෞද්ගලික හේතුවක් බවත් එය ඉතාම හොඳ විදියට සිදු බවත් සිරස නාලිකාව තුලදී තමා සෑහෙන්න ඉවසීම ප්‍රගුණ කළ බවද පැවසිය.

තමා සිරස නාලිකාවෙන් ඉවත් වුයේ අතිශය පෞද්ගලික හේතුවක් නිසා බවත් එය මාධ්‍ය තුල හෙළි කල නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 30 April 2021 15:41