March 28, 2024

මම වගේ දහයක් හිටියනම් රට ගොඩේ ගොඩ - ඩයනා ගමගේ Featured

තමාගේ ඉදිරි දේශපාලන ගමන පොදුජන පෙරමුණ තුළින් යන බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ හෙළිදරව් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ රටට හිතැති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට දායකත්වය දීම අද දවසේ තමන්ගේ අරමුණ බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය ඉදිරි මහ මැතිවරණයකදී තමන් තරග කරන්නේ පොදුජන පෙරමුණෙන් බවද තහවුරු කරයි.

2024ද රාජපක්ෂවරයෙකු මෙරට ජනපතිවරයා වීම දැකීම තමාගේ අපේක්ෂාව බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

තමා වැනි 10 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් රට දියුණු කිරීම ඉතා පහසු දෙයක් බවද මන්ත්‍රීවරිය සදහන් කරයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ අදහස් පළ කර තිබුණේ මත්පැන් සහ ගණිකා වෘත්තිය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ මතභේදාත්මක කතාව සම්බන්ධයෙන් සති අන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

සමගි ජන බලවේගය ජාතික ලයිස්තු ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී 20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය ගත් තීරණයට  පටහැනිව යමින් ඊට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය දෙමින් ආණ්ඩුවට එක්විය.

මේ වන විට ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක්ද පිරිනමා තිබේ.

Rate this item
(0 votes)

Related items