April 25, 2024

මේ සභා ගැබේ ඉස්සරහත් ත්‍රස්තවාදී : පිටුපසත් ත්‍රස්තවාදී - ස.ජ.බ ප්‍රධාන ලේකම්

වත්මන් පාර්ලිමේන්තුව ත්‍රස්තවාදීන්ගේ තිප්පොළක් බව රන්ජිත් මද්දුම බන්ඩාර විපක්ෂයේ මන්ත්‍රීවරයා කතානායකවරයා අමතා අද (23) පෙන්වා දෙන ලදී.

වත්මන් පාර්ලිමේන්තුව තුළ භාෂණයේ නිදහස නැතිව තිබෙන බවද පෙන්වාදුන් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාගේ ඉදිරියෙන් මෙන්ම පිටුපසින්ද ත්‍රස්තවාදීන් සිටින බව කතානායකවරයා අමතා සදහන් කරන ලදී.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මේ වන විට රෝහල් ගතව සිටින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීම මුල්කොටගෙන පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේය.

ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබට මැදට පැමිණ විපක්ෂයට බැණවැදීම මුල්කොටගෙන කරුණු දැක්වූ මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පිටුපසින් ත්‍රස්තවාදීන් සිටිනවා යැයි කීවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ පසුපෙළ අසුන්වල සිටින නිසාය.

සමගි ජන බලවේගය ප්‍රධාන ලේකම්වරයාද වන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදීන් ඉන්නවා යැයි කළ හෙළිදරව්වට කතානායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමද කැපී පෙනෙන කරුණකි.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 11:57

Related items