March 28, 2024

රූ රැජින තරඟත් ආණ්ඩුවේ නියාමනයට: "ශ්‍රී ලංකා" නාමය හිතුමතේට බැහැ

මින් ඉදිරියට ජාතික මට්ටමින් පැවැත්වෙන රූ රැජින තරඟ ආණ්ඩුවේ නියාමනය මත සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරගයේ දී සිදු වූ සිද්ධිය පදනම් කොටගෙනය.

මෙම කරුණු හෙළිදරව් කරන ලද්දේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාය.

මින් මතුවට මෙවැනි තරග සඳහා "ශ්‍රී ලංකා" නාමය පාවිච්චි කරන්නේ නම් ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙන්ම පසු විපරමක් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක රූ රැජිණ තරඟ සඳහා වූ ශ්‍රී ලාංකීය රූ රැජින තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවත් ඒ සඳහා සිය අමාත්‍යාංශය මේ විෂය සම්බන්ධයෙන් දැනුමක් ඇති පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක විවාහක රූ රැජින වන ජැකොලයින් ජූරි විසින් විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ලෙස නම්කළ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ නැවත ගලවා දෙවැන්නාට පැළඳවීම මත එම තරගය දේශීය පමණක් නොව ජාත්‍යන්තර අවධානයටද ලක්විය.

මේ වන විට මෙම ප්‍රශ්නය පොලිසිය දක්වාත් එතනින් උසාවිය දක්වා දුර දිග ගොස් ඇති අතර සිද්ධියට අදාළව කැරලයින් ජූරි හා චූලා පත්මේන්ද්‍ර ඇප පිට නිදහස් කොට තිබේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 April 2021 11:13

Related items