April 25, 2024

"පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගේනවා" අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා දැනටමත් කටයුතු කරගෙන යන බවත් ඒ කටයුතු වලට රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට ශෝකය පළ කරන බව ද අගමැතිවරයා පැවසීය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම් හා මඟ හැරීම් හේතුවෙන් වන්දිගෙවීමට සිදුවුයේ අහිංසක ජනතාවට බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ. පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.“

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 12:00

Related items