April 25, 2024

රූ රැජින ආරවුල නිසා නෙළුම් පොකුණ රඟහලට දැවැන්ත පාඩුවක් - අධිකරණය වාර්තාවක් කැඳවයි

පසුගිය අප්‍රේල් මස 04 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ දී ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රයට හානි සිදු බවට අද (19) කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ආනවරනය කරන තිබුණි.

මෙම කරුණු අනාවරණය කිරීම කර තිබුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් හිටපු ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන මහත්මින්ට විරුද්ධව ගොනු කර තිබූ නඩුව විභාග කළ අවස්ථාවේදීය.

මෙහිදී පොලීසිය විසින් අනාවරණය කර තිබුණේ නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

එහිදී අධිකරණය විසින් කුරුඳුවත්ත පොලීසිය නියෝග කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධව සම්පුර්ණ හානිය ගණනය කර ඒ පිළිබඳව වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසයි.

නඩු විභාගය ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 19 April 2021 15:58

Related items