April 20, 2024

කාදිනල් හිමි සටන අත්නොහරී - පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පිරිසක් ගැන අනාවරණයක් Featured

ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ආගම, භාෂාව, ජාතිය තවත් කෙනෙකුට හිරිහැර කීරීමට භාවිතා නොකරන ලෙසත් තමන්ගේ බලය ශක්තිය පෙන්වීමට අනෙක් මිනිසුන් මරණ ඒ චින්තනයෙන් මිදිය යුතු බවද රංජිත් හිමිපාණන් පෙන්වාදෙයි.

"කවදා හෝ දවසක සත්‍යය යුක්තිය එළිවේවි. ඒ සත්‍ය එළිවෙන දිනය එනතුරු අපි එ සඳහා කටයුතුකරනවා." යනුවෙන්ද රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීම ඊයේ (18) පස්වරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. 

ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 09 දෙනෙකු සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරකයක් ආසිරි ගැන්වීම සිදුකළේය.

අනතුරුව කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකය ආසිරි ගැන්වීමද සිදුකළේය.

Rate this item
(2 votes)