April 20, 2024

විවාහක රූ රැජින අවසන් තරඟකාරියෝ විශේෂ මාධ්‍ය හමුවකුත් පවත්වයි - තරගයේ වූ සියලු දේත් හෙළි කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ තරගකාරියන් 20 දෙනා නියෝජනය කරමින් තරගාකාරියන් පිරිසක් විසින් කොළඹ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

මෙහිදී ඔවුන් විසින් තරඟාවලිය තුළ විනිවිද භාවයක් නොතිබුණු බවටද චෝදනා කර තිබුණු අතර සංවිධාකයන් විසින් තමන්ව රවට්ටන ලද බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම තරඟාවලියේ ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳවද යම් අපැහැදිළි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් සඳහන් කර තිබුණි.

තරඟාවලියේ මුල් අවස්ථාවේදී විවාහක බව තහවුරු කිරීම සඳහා සැමියා සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ යුතු බව තිබුණත් පසුව එම නීතියද නොසලකා හැර තිබූ බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

මෙහිදී හිටපු ලෝක විවාහක රූ රැජින වූ කැරලොයින් ජූරිගේ ක්‍රියාකලාපය මෙම පැමිණ සිටි පිරිස විසින් අනුමත කර සිටියහ.

2020 විවාහක රූ රැජින කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියව ජයග්‍රාහිකාවක් කරවීම සඳහා සංවිධායකයන් විසින් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවද ඔවුන් චෝදනා කර තිබුණි.



Rate this item
(0 votes)

Related items