April 20, 2024

අසේල සම්පත් නිවසේදී පොලිස් අත්අඩංගුවට - අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ප්‍රකාශයක් කර වීඩියෝ කරලා

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය.

වොක්ෂෝල් විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම වරෙන්තුව විවෘත වරෙන්තුවක් ලෙස නිකුත් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් අසේල සම්පත් මහතා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)