May 15, 2021

ගමේ ඉඳන් කොළඹ එන්න බස් - දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි Featured

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එළඹෙන 15 වනදා සිට එම ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට බස්රථ 3000ක් අමතරව එක්කර ඇතැයි ද පැවසු දිලුම් අමුණුගම මහතා කොළඹින් ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත් පැවසීය.

කෙසේවෙතත් අප්‍රේල් 14 වන දින බස්රථ හිඟයක් ඇතිවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"නැවතත් 15 සිට ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹට ගමන්වාර වැඩි කරල තියෙනවා. කොළඹ ඉදන් යන ගමන් වාර අඩුයි. අමතර බස් තුන්දාහක් මේකෙදි යොදවලා තියෙනවා. ඒ නිසා දාහතරවෙනිදා පමණයි බස්රථ හිඟයක් ඇති වුනොත් ඇති වෙන්නේ. මොකද දාහතර වෙනිදා අපි රිලැක්ස් කරලා තියෙනවා. දුම්රියත් ඒ ආකාරයෙන්ම පහළොස් වෙනිදා සිට නැවත මගීන් ප්‍රවාහනය කිරීම කොළඹ දක්වා හා අනෙකුත් නගර දක්වා ක්‍රියාත්මක කරනවා."

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 April 2021 21:07