April 18, 2024

කොවිඩ් තුන්වෙනි රැල්ල මැයි මාසයේ ආරම්භයේදී?

පසුගිය වසරේදී මෙරට ජනතාවට අලුත් අවුරුදු සැමරීමට අවස්ථාවක් උදා වූයේ නැත. ඒ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රට තුළ සංචරණ සීමා පනවා තිබූ නිසාය.

එහෙත් මෙවර නව සාමාන්‍යකරණය යටතේ අලුත් අවුරුදු සැමරීමට අවස්ථාව හිමි වී ඇත.

ඒ අනුව ජනතාව ඇඳුම් පැළඳුම් හා බඩු භාණ්ඩ මිලදී ගැනීමට යාම හේතුවෙන් වෙලදසැල් වල හා සාප්පු සංකීර්ණ වල මහජනතාව අධික වශයෙන් සිටිනු දැක ගැනීමට හැකි විය.

බොහෝ දෙනා මුඛ ආවරණ පැළද සිටියද මීටරේ පරතරය එහි කිසි විටෙකත් නොතිබිණි. සමහර වෙළඳුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නොතකා වෙළදාමේ යෙදෙන අයුරු ද අපට දැක ගැනීමට හැකි විය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

"අපිට පේන්න තියෙන්නේ වීදි පුරා මහජනතාව අසාමාන්‍ය විදියට රැස්වෙලා ඉන්නවා. සමාජ දුරස්ථභාවය නොතකමින් කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ අවසානයේ දී සහ මැයි මාසයේ මුල භාගයේ දී වගකීමෙන් තොරව හැසිරෙන ජනතාවට නිරෝධායනය වෙන්න සිදුවෙනවා කියන එක නම් ඉතාම පැහැදිලියි."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 April 2021 21:04