April 25, 2024

හිට්ලර් වගේ නායකයෙක් ඉල්ලපු ලංකාවට හිට්ලර් පාලනය කරපු රටෙන් දුන් උත්තරය

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කරන ලද “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතුයි” යන ප්‍රකාශය මෙරට ජර්මානු තනාපති කාර්යාලයේ අවධානයට යොමුව තිබේ.

මෙරට ජර්මානු තානාපති හොල්ගර් සේබර්ට් මහතා මෙම ප්‍රකාශය සම්බන්ධව සිය නිල ට්විටර් ගිනුම හරහා පිළිතුරු ලබා දීමට කටයුතු කර තිබේ.

එහිදී හොල්ගර් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පාලනය සඳහා ‘හිට්ලර්’ කෙනෙකු ප්‍රයෝජනවත් විය හැකි බවට කරන ලද ප්‍රකාශයක් තමන්ට අසන්නට ලැබුණු බවයි.

ශ්‍රී ලංකාව ඉල්ලන මෙම හිට්ලර් ගැන තමන්ට සිහිපත් කිරීමට අවශ්‍ය යැයි පවසා තිබූ  ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මිලියන ගණනකගේ මරණයට වගකිව යුතු මිනිස්සුන්ගේ වේදනාවට මෙන්ම සිතා ගත නොහැකි තරමේ බලාපොරොත්තු බිඳ වැටීම්වලට පවා හිට්ලර් වගකිය යුතු බවයි.

ඇඩොල්ෆ් හිට්ලර් යනු කිසිම ලෙසකින් දේශපාලනඥයෙකු ආදර්ශයට නොගත යුතු චරිතයක් බවද ඔහු සිය ට්විටර් පණිවිඩය තුළින් පවසා තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින්,

Rate this item
(7 votes)