April 24, 2024

බන්දුලගෙන් අඩුවට පොල්තෙල්

ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450ක පාලන මිලකට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු දේශීයව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රු 450කට සතොස සහ සම්පකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ ගිවිසුමට අපිට එලෙඹෙන්න පුළුවන්. එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල්වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ. කිසිදු හිඟතාවයක් නොමැතිව රු 450 මිලට පොල් තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට එනවා.“

Rate this item
(2 votes)
Last modified on Monday, 12 April 2021 21:14