April 19, 2024

මුහුදේ පාවී ආ මත්පැන් බෝතලය පානය කළ පුද්ගලයාට වුණු වැඩේ

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක් යැයි සැක කෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

අදාළ බෝතලය වඩමාරච්චි නැගෙනහිර මුහුදුතීරයට පසුගිය 09 දා සවස මුහුදු රළට හසුවී පාවි පැමිණ තිබූ අතර අනතුරුව එම බෝතලය මත්පැන් බෝතලයක් බව හඳුනාගෙන 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් එය පානය කොට ඇත.

මෙම පානය කළ පිරිසගෙන් එක් අයෙකු පසුව අසනීප වී පේදුරුතුඩුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු ඊයේ (10) දින සවස මිය ගොස් ඇත.

කෙසේ වෙතත් අදාළ මත්පැන් බවට සැක කෙරෙන බෝතලය පානය කළ සෙසු පිරිසට අසනීප තත්වයක් ඇති නොවීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාට ඇති වූ තවත් අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.

මිය ගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණයක් වෙතට යොමු කොට ඇති බවටත් එහි පරික්ෂණ පැමිණි පසුව මරණයට හේතුව පැවසිය හැකි බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අදාල මත්පැන් පානයෙන් පසුව අසනීප වී මිය ගොස් ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර නගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 48 හැවිරිදි කන්දයියා ශ්‍රීකුමාර් නැමති අයෙකි.

- වන්නි රොමේෂ් මධුසංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 08:28