April 20, 2024

කොටි ඇඳුම ගැන යාපනයේ නගරාධිපතිගෙන් සැර කතාවක් Featured

අත්අඩංගුවට පත් වූ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලැබීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ මහනගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කල සියලුම පුද්ගලයින්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවයි.

යාපනය මහනගරාධිපතිවරයාව යාපන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  පසුගිය 09 වැනිදා රාත්‍රියේ දී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැර තිබුණු අතර නඩුව නැවත් ජුනි මස 26 වනදා කැඳවීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට සිටියේය.

අධිකරණයෙන් ඇපමත මුදාහැරුනු යාපනය මහනගරාධිපති මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“..මහනගරසභාවේ නීතියේ රාමුවට පිටින් ගිය එක ත්‍රස්තවාදයක්ද?.. මම මේ කරපු දේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදහට දැකල තමයි මෙයාල මාව අත්අඩංගුවට ගත්තේ… අද දවස මෙරට නීති ක්ෂේස්ත්‍රයට කලු පැල්ලමක් එකතු කරපු දවසක්, ඒ වගේම නගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට මේ අය දැඩිව බලපෑම් කරල තියනවා. මේ මේ ගැන ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්…”

- වන්නි රොමේෂ් මධුසංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 08:28