March 28, 2024

නුවරඑළිය ප්‍රධාන මාර්ගයක් නාය යෑමේ අවධානමක (PHOTOS)

නුවරඑලිය ඩෙස්පොඩ් හරහා තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස එම ස්ථානයේ කොටසක් නායයාමේ අවධානමක් පවතින බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

තලවකැලේ නුවරඑලිය ඩෙස්පොඩ් හරහා නුවරඑලිය ප්‍රධාන මාර්ගය කිලෝමිටර් 10 ක් මේ දිනවල කාපට් අතුරා සංවර්ධනය කරන අතර, එසේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද ජලය ගලා බසින බොක්කුවක් ගිලා බැස පැති බැම්මක් නායයාමේ අවධානමක් පවතින බවයි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ ප්‍රදේශවාසින් කියා සිටින්නේය.

නානුඔය ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග එම මාර්ගයේ 104 -105 සැතපුම් කණුව අසල කාපට් අතුරා සංවර්ධනය කර ඇති කොටස ගිලා බැස ඇති අතර, පැති බැම්ම ඉදි කර ඇති ස්ථානය මේ වන විට ඉරිතලා නායයාමේ අවධානමක් මතු වි ඇත.

එම මාර්ගය සංවර්ධනය කරන පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් නිසි ප්‍රමිතියකින් තොරව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය නොකිරිම මත මෙසේ මාර්ගයේ කොටසක් ගිලා බැස නායයාමේ අවධානමක් පවතින බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේය.

නානුඔය ප්‍රදේශයේ සිට ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස ඇති ජලය ගලා බසින බොක්කුව මතින් වැසි දිනවලදි ඉහල කොත්මලේ ජලාශයට විශාල ජල ධාරිතාවක් ගලා බසින බවද ප්‍රදේශවාසින් කියා සිටියි.

එම මාර්ගයේ කොටසක් ගිලා බැස නායයාමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය නානුඔය පොලිසිය විසින් එක් මංතිරුවකට සිමා කර ඇත.

Rate this item
(0 votes)