April 24, 2024

රනිල් අසරණයි: මැයි දිනය සිරිකොතට සීමා කරයි

සියලු පක්ෂ මැයි රැලියට සූදානම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයට පමණක් තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මැයි රැලියක් පවත්වනවාද නැද්ද යන්න තීරණය කර ගැනීමට බැරිව සිටින එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මුවාවෙන් මෙවර මැයි රැලිය සිරිකොතට සීමා කිරීමට සූදානමින් සිටින බවටද තොරතුරු හෙළිදරව් වේ.

කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති නිසා අනවශ්‍ය ලෙස ජනතාව කොළඹට ගෙන්වා අනාරක්ෂිත කිරීමට තමා සූදානම් නැති බව මෙවර පුළුල් මැයි රැලියක් පැවැත්වීමට ඇති නොහැකියාව වසා ගැනීමට වික්‍රමසිංහ මහතා පාවිච්චි කරන ක්‍රමෝපාය බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය මහ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත්වූ අන්ත අසරණ පරාජයෙන් පසු පක්ෂය යළි ප්‍රතිසංවිධානය කොට ජයග්‍රාහී මාවතකට යොමු කිරීමට වික්‍රමසිංහ මහතා අපොහොසත් වීම මැයි රැලිය සිරිකොතෙන් එපිටට රැගෙන යාමට නොහැකි වීම පිටුපස ඇති හේතුව බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අන්ත පරාජයක් ලබා දෙමින් නිමා වූ පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මුළු රටින්ම එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වූ අතර තාමත් ඒ සඳහා කිසිවකු පත් කර ගැනීමට නොහැකි තත්ත්වයට එජාපය පත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 April 2021 01:58