March 28, 2024

පොල්තෙල් ගැන තවත් අනාවරණයක් Featured

පාම් තෙල් මගින් ප්‍රධාන පිළිකා කාරක තුනක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පුවත්පතකට පැවසීය.

Glycidy fatty acid Esters (GE) Monoclor propanediol (3MCPD) සහ Monoclor propanediol (2MCPD) යනුවෙන් හඳුන්වන පිළිකාකාරක තුන පාම් තෙල් මිශ්‍රිත ආහාර වල අන්තර්ගත වන බව කී ඒ මහතා පාම් තෙල් සෙල්සියස් අංශක දෙසීයකට වැඩි උෂ්ණත්වයකට රත් කරන විට මෙම පිළිකා කාරක නිපදවීම සිදු වන බවත් පරිහරණය කළ තෙල් නැවත නැවත රත් කරමින් පිසින කෑම වර්ගවල මෙම පිළිකා කාරක හැදීමේ ඉහළ ගුණයක් ඇති බවත් ප්‍රකාශ කළේය.

පාම් තෙල් වලින් පිසින ආහාර භාවිතයට ගැනීම නිසා ජාන විකෘතිතා ඇති වන බවත් බෝ නොවන රෝග වැළැක්වීමේ ඉහළ හැකියාවක් තිබෙන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාම් තෙල්වල පිළිකාකාරක අන්තර්ගතව තිබෙන්නේ ද යන්න පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කරගත් තොරතුරු ඇතිද යන්න විමසීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ත වූ බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 April 2021 21:13

Related items