April 20, 2024

අවුරුද්ද කටේ ජනතාව බඩු මිල ගැන කියයි (VIDEO) Featured

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ බඩු මිල ඉහළ යාමයි. වෙළඳපොලේ ඇති භාණ්ඩ අතුරින් මේ දින වල වැඩි ඉහල යාමක් ඇත්තේ මුංඇට, පොල්තෙල්, මස් මෙන්ම හාල්ය.

කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700ක් වැනි අධික මිලකටය. කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 550 ක් ලෙස නියම කර තිබුණි. නමුත් එම මිලට කුකුළුමස් අලෙවි කළ නොහැකි බව කුකුළුමස් අලෙවිකරුවන් පවසයි. 

ඒ අනුව, එළැඹෙන උත්සව සමය තුළ කුකුළුමස් අලෙවිසැල් වසා දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය අනතුරු හගවා තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 27ක මිළ අඩු කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක වන අතරතුර මෙම සහන මල්ල ලබා දීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට හැකි වීම තුළින් ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක් වැනි මුදලකට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවය.

ඒ කෙසේවෙතත් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් මේ දිනවල ලබා දෙන රු.1000 සහන මල්ල තමන් රු.950ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ව්‍යාපාරිකයන් සඳහන් කළේය.

Rate this item
(0 votes)