April 25, 2024

උසස් පෙළට, ශිෂ්‍යත්වයට දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021  විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වැනි දින සහ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2022 වසරේ ජනවාරි මස අවසානයේදීත් පැවැත්වීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 16:10