April 23, 2024

පාස්කු ප්‍රහාරය ගැන විවාදයට විපක්ෂයේ විරෝධයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීම සදහා තවත් දින දෙකක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවට විරෝධතාව පලකර එය කඩා කප්පල් කිරීම සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද(08) ක්‍රියා කොට තිබේ.

එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊට සිය විරෝධතාවය පලකර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේදී ද ඊට සිය විරෝධතාවය පලකර ඇත.

විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවටම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කල යුතු බවට විපක්ෂය වොයිස්කට් දේශපාලනයක් සිදු කල අතර, ඒ සඳහා අදාල නීති සකස් කරමින් නැවත මෙවැනි දෙයක් ඇති නොවීමට කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තුවේ සාකච්ඡා කල යුතු අවස්ථාවක විපක්ෂය ඊට එරෙහි වීම පිළිබඳව මේ රටේ සියලුදෙනා දැනගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයෙකු පැවසී ය.

මේ පිළිබඳව අදහස් දක්වන ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය වැනි මේ රටේ සංවේදී මාතෘකාවක් පිළිබඳව "කතා කල යුතු නැති බවට" කියා සිටිමින් විපක්ෂය ඊට එරෙහි වෙද්දි දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම ගැන විවාදයක් ඉල්ලා සිටින්නේ, සිය ගණනක් මරාදමා, තවත් පිරිසක් සදාකාලින ආබාධිත තත්වයකට පත් කල පාස්කු ප්‍රහාරයට වඩා, යහපාලන ආණ්ඩු සමයේ සිදු කල ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ කාලය වැය කරමින් කතා කල යුතු බව කියමින්ද..? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමට ඕනෑ කිව්වෙත් විපක්ෂයමයි. ඔවුනට අපි ඕනෑටත් වඩා අවස්ථාව දෙනකොට ඔවන් එයට විරෝධතාවය පල කරනවා. මේක විහිළුවක්.." ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Rate this item
(0 votes)