April 25, 2024

සාගල රත්නායකත් රවී, නවීන්, අර්ජුන ගිය මග යයි Featured

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් පසු පැවැත්වූ ප්‍රථම විරෝධතාවය වූයේ ඉකුත් 6 දින තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශීය නියෝජිත කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයයි.

වත්මන් ආණ්ඩුව ඇත්තේ සිදුව ඇතැයි කියන පරිසර විනාශයට එරෙහිව විරෝධය දැක්වීම වස් පැවති මෙම විරෝධතාවයේ සුවිශේෂී කරුණු කිහිපයක් දක්නට ලැබුණි.

ඒ රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග යන එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරු සිදුකරමින් පවතින පක්ෂයේ වැඩ කටයුතු මඟ හැරීමේ වැඩපිළිවෙළට සාගල රත්නායක හිටපු අමාත්‍යවරයාද එක්වීමය.

මහ මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසු සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාවයට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාමත්ම කිට්ටුවන්තයෙකු වන සාගල රත්නායක මහතා නොපැමිණි බව සිරිකොත ආරංචි මාර්ග තහවුරු කරයි.

වත්මන් රජය යටතේ සිදුවන පරිසර විනාශය වළක්වා සිංහරාජයේ ඇතුළු වන සම්පත රැකීමට කටයුතු කරන මෙන් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශීය කාර්යාලයට එජාප විරෝධකරුවන් ලිපියක් ද භාර දෙන ලදී.

සාගල රත්නායක මහතා මෙම අවස්ථාව පමණක් නොව පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය වැඩ භාරගත් අවස්ථාවද මඟ හැරී අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෑත කාලයේ දී කරන ලද පක්ෂයේ නව පත්වීම් පිළිබඳව දැඩි අප්‍රසාදයකින් හා කලකිරීමකින් සිටින බවද වාර්තා වේ.
.
විශේෂයෙන්ම සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය බලාපොරොත්තුවෙන් සිටි බව ප්‍රකට කරුණක් වන අතර එය තමාට ලබා නොදීම හේතුකොටගෙන සාගල රත්නායක මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරස්වීමක්ද දක්නට ලැබෙන බවත් මේ නිසාම පක්ෂයේ බොහෝ කටයුතු වලට කටයුතුවලට සහභාගිවීමෙන් සාගල රත්නායක මහතා වැළකී සිටින බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 00:38