April 25, 2024

යාපනයේ කොටි පොලීසියට සමාන බලකායක් හැදු නගරාධිපති ඇමති දේවානන්දගේ ගෝලයෙක් - නිර්මලනාදන්

යාපනය නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් විසින් එල්ටීටීඊ පොලිස් නිළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පොලිස් ඒකකයක් පිහිටුවීමේ ප්‍රශ්නය අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ලක්විය.

සමගි ජන බලවේගය නියෝජනය කරන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කළ අතර ඊට පිළිතුරු දැක්වීමට මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ නොසිටි අතර ඔහු වෙනුවට චමල් රාජපක්ෂ මහතා පිළිතුරු බඳින ලදී.

අද(08) හවස ආරක්ෂක මණ්ඩල රැස්වීම තිබෙන බවත් ඊට සහභාගි වී සියලු තොරතුරු හෙළිදරව් කරන ලෙස එහිදී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කරන ලදි.

ඒ අවස්ථාවේදී නැගී සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ යාපනය නගරාධිපතිවරයා ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරන්නෙක් බවය.

ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී සංවිධානය වත්මන් ආණ්ඩුවේ සන්ධානගත පාර්ශවයක් වන අතර දේවානන්ද මහතා වත්මන් ආණ්ඩුවේ ධීවර අමාත්‍ය ධුරයද දරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 16:17