March 29, 2024

බලහත්කාරයෙන් කිරුළ ගැලවූ චූලා සහ කැරොලයින් අත්අඩංගුවට

පසුගිය මාර්තු මස 04 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජින තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය ලද පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවූ චූලා පත්මේන්ද්‍ සහ  කරොලයින් ජූරි අද (08) කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීම සඳහා ඔවුන් දෙපළව කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අවස්තාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් තමන්ට ශාරීරික පීඩා කිරීම සහ ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීම යන චෝදනා චූලා පත්මේන්ද්‍ සහ  කරොලයින් ජූරි වෙත එල්ල කර තිබුණි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ද කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලේ කටයුතු සඳහා ගොස් තිබුණු බවත් ඒෂියන් මිරර් වෙත වාර්තා විය.

Rate this item
(2 votes)

Related items