April 19, 2024

ඔටුනු හුට පටය චන්දිමාල්ගේ මාකටින් වැඩක් බව ඕෂධී කියයි

මතභේදයට තුඩු දුන් විවාහක රූ රැජිණ කිරුළ මාරු කිරීම එම තරඟය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහගේ මාකටින් වැඩක් බවට ජනප්‍රිය නිළියක මෙන්ම හිටපු විවාහක රූ රැජිණ ජයග්‍රාහිකාව වන ඕෂදී හේවාමද්දුම සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ.

"මේක තේරුම් ගන්න බැරි කට්ටිය මේකේ මරා ගන්න හැටි දැක්කම හිනා යනවා..
කොහොම වුණත් පුෂ්පිකා ගේ ඉදිරි දේශපාලන ජීවිතේට මේක අඩිතාලමක් වේවි...හැබැයි ඇත්තටම කිරුළේ නියම සුදුස්සා පුෂ්පිකාම තමයි" මැයෙන් සිය මුහුණු පොත පෝස්ටුවට යටින් අදහසක්ද ඕෂධී හේවාමද්දුම විසින් තබා තිබේ.

පසුගියදා නිමාවට පත්වූ විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රථමයෙන් පුෂ්පිකා ද සිල්වාටත් ඉන්පසු දෙවැන්නා ලෙස පත්වූ ආශියා බස්නායකටත් කිරුළු පැළඳීම හේතු කොටගෙන මෙම තරඟයට සිතුවාටත් වඩා පුළුල් ප්‍රචාරයක් දෙස් විදෙස්ව ලැබී තිබේ.

2019 ලෝක විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කළ කැරලයින් ජූරි ප්‍රථමයෙන් පුෂ්පිකා ද සිල්වාටත් ඉන්පසුව ඇය දික්කසාද වූ තැනැත්තියක් කියා එම කිරුළට ඇය සුදුසු නැති බව පවසමින් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් ආශියා බස්නායකටත් ජයග්‍රාහි පැලැන්දූ අතර මෙම සිද්ධිය පදනම් කොටගෙන දෙපාර්ශවයක් අතර ගැටුම්කාරී තත්වයක්ද ඇතිවී තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු දින වෙනම මාධ්‍ය හමුවක් තබමින් චන්දිමාල් ජයසිංහ විසින් යළිත් එම කිරුළ පුෂ්පිකා ද සිල්වා ට ලබා දෙන ලදී.

මෙම ප්‍රශ්නය මේ වන විට පොලීසිය දක්වාද දුරදිග ගොස් තිබේ.

පුෂ්පිකා ද සිල්වා මෙන්ම ආශියා බස්නායකට ආණ්ඩු කරන පොදුජන පෙරමුණට තිබෙන දේශපාලන සම්බන්ධකම්ද මේ වන විට හෙළිදරව් වී තිබේ.

පුෂ්පිකා ද සිල්වා පොදු ජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ත්රික්කයේ දේශපාලනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ආශියා බස්නායකගේ සැමියා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 14:13

Related items