April 14, 2021

හර්ෂගේ FB ලයිව් එකෙන් මැතිසබයේ හුටපටයක්

මිට ටික වෙලාවකට පෙර සභාවේ සිදු වූ උණුසුම් තත්වය පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉතාම අසීලාචාර සිරස්තලයක් සමඟින් ඒ උණුසුම් තත්වය සහිත වීඩියෝව මුහුනුපොතට මුදා හැර ඇති බවට පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා චෝදනා කරයි.

එම චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් සරත් ෆොන්සේකා මහතා මෙලෙස සඳහන් කළේය.

පොඩ්ඩක් කතා කරන්න දෙන්න. ඔබතුමා ඔය පුටුවේ වාඩි වෙලා හිටියා. මම මට වෙච්ච අත්දැකීමක් විස්තර කරන්න ගියේ. එතකොට චමල් රාජපක්ෂ ඇමතිතුමා නැගිටලා අයිසේ කියලා මට අත දික් කරලා බොරු කියන්න එපා කියලා මට බැන්නා. ඔබතුමා හිටියා ඔතන. අයිසේ කියලා කිව්වා ඔබතුමාට ඇහුනේ නැද්ද? අයිසේ කියලා කිව්වා. ඉතින් ඒක හින්දා තමයි කතාව දික්ගැස්සුනේ. ඒ ආරම්භය නිසා මෙතන බහින් බස් වීමක් වුණා. ඒක අපි පිලිගන්නවා. නමුත් මම ඒක ආරම්භ කලේ නැහැ. මට අයිසේ කියලා කතා කළා.තමුන්නසේට මම අයිසේ කියලා කතා කලොත් පිළිගන්නවද? තමුන්නාසේලා කාට හරි අයිසේ කියනවට කැමතිද? ඊට පස්සේ කිව්වා එලියට එන්න කියලා ගහගන්න. මොකද නැත්තේ? රෙකෝඩ් වෙලා තියෙනවා. ඔබතුමාට කන් ඇහුනේ නැද්ද? කතානායකතුමාට ඇහුණා. ඔබතුමා මේ බයිලා කියන්නේ නැතුව ඉන්න දැන්."

සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දැක්වීය.

"මේ තියෙන්නේ මගේ ෆේස්බුක් එක. මේකේ තියෙන්නේ චමල් රාජපක්ෂ, සරත් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක්. ඇවිල්ලා බලන්න. මෙහෙ එන්න. ඇවිල්ලා බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඔෆිසර් කෙනෙක් එවන්න. මෙතන මේ නිකන් නොයෙකුත් දේවල්වලට අපිට උත්තර දෙන්න බැහැ."

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 13:57