March 29, 2024

"මට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා : මුහුණ දෙන්න මම සූදානම්" - ශ්‍රීලනිප මහ ලේකම්

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බව තමා දන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රථම වතාවට හෙළිදරව් කරයි.

වැටී තිබුණු ශ්‍රීලනිපය අද වැඩ කරන පක්ෂයක් බවට අසීරුවෙන් ගෙන ආ තමාව ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස පක්ෂ සභාපති වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇතැමුන් ඉල්ලා සිටීම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම කුමන්ත්‍රණය පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද ක්‍රියාත්මක වන බවද ජයසේකර මහතා පෙන්වා දෙයි.

එම කුමන්ත්‍රණවලට මුහුණදීමට දේශපාලන හයියක් තිබිය යුතු බව පෙන්වා දෙන පක්ෂ මහ ලේකම්වරයා මේ කුමන්ත්‍රණවලින් කලබල නොවන තමාට ඒ හයිය තිබෙන බවත් ඊට මුහුණ දීමට ජනතාව සමග පෙළ ගැසෙන බවද සඳහන් කරයි.

ශ්‍රීලනිපය වැඩ කරන පක්ෂයක් බවට පත්කොට අද වෙන විට බලය ලබා ගැනීම සඳහා ඉදිරියට යමින් තිබෙන පක්ෂයක් බවට පත් කිරීමට තමා කළ කැපවීම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් දන්නා බවද මහ ලේකම්වරයා හෙළිදරව් කරයි.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 08 April 2021 12:49