April 20, 2024

"හිත රිදුනා නම් කනගාටුයි" මැතිසබේ සිද්ධියෙන් චමල් දුකින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ වචන හුවමාරුවත් සමඟ මතුවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළේය.

ඉන්පසු පාර්ලිමේන්තුව නැවත ආරම්භ විය.

විවාදයට එක්වෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තමා වෙත යොමු කල ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ආරම්භ කිරීමත් සමඟ සඳහන් කලේ මෙවැන්නකි.

"කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්. මගේ අතින් මේ සභාවේ කාගේ හෝ හිත රිදුනා නම් කනගාටු වෙනවා." යැයි සඳහන් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සිදු කරගෙන ගියේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 April 2021 11:26