April 25, 2024

උණුසුම මැද කල් තැබූ මැති සබය යළි රැස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ වචන හුවමාරුවත් සමඟ මතුවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළේය.

ඒ අනුව පෙරවරු 9.35ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කල් තබන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වූ අතර, ඒ අතරතුරදි අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර මෙම සංවාදය ඇති විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 11:24