April 18, 2024

"දඟගෙයි දඬුවම් සිවුමැලි වේ නම් අලුගෝසුවනේ එල්ලාපන්" - විජය ගී හඬ රංජන් වෙනුවෙන් විපක්ෂය නඟයි

විජය කුමාරතුංගයන් ගැයූ 'දඟගෙයි දඬුවම් සියුමැලි වේනම් අලුගෝසුවනේ එල්ලාපන්" ගීතය රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ගායනා කිරිම දෛවෝපගත සිද්ධියකි.

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි බවට කතානායකවරයා ඊයේ (7) පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම මුල්කොටගෙන අදත්(08) විපක්ෂය ඊට සිය විරෝධය දක්වන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම නීතින්විරෝධී බවත් ආණ්ඩුවේ කුමන්ත්‍රණවලට කතානායකවරයා හවුල් බවටත් චෝදනා කරමින් කළ කතාවට ආණ්ඩු පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර අවසානයේ දෙපාර්ශවය එකිනෙකා ගුටිබැට හුවමාරු කර ගැනීමටද සූදානම් විය.

මේ අවස්ථාවේ කතානායකවරයා පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල් තැබූ අතර ඒ අවස්ථාවේ සමගි ජන ජන බලවේගය මන්ත්‍රීවරුන්ගේ විජය කුමාරතුංගයන්ගේ මේ ඉතා ජනප්‍රිය ගීතය පාර්ලිමේන්තුව තුළ ගායනා කළේ රන්ජන් රාමනායක මහතාට උපහාරයක් ලෙසය.

ඥාතීත්වයට විජය කුමාරතුංගයන්, රන්ජන් රාමනායක මහතාට මාමා වන අතර එදා ජේ.ආර්. ජයවර්ධන රජය නැක්සලයිට් චෝදනාව මත විජය කුමාරතුංගයන් සිර ගත කල අතර එම සිද්ධිය පදනම් කරගෙන විජය කුමාරතුංගයන් ගැයූ මෙම ගීතය එදා මෙන්ම අදත් රසිකයන් අතර ජනප්‍රියව පවතී.

Rate this item
(3 votes)
Last modified on Thursday, 08 April 2021 11:17