April 18, 2024

කුකුල් මස් හිඟයක් - මිල අධික ලෙස ඉහළට

පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහල ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් සඳහන් කරයි.

බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700ක් වැනි අධික මිලකටය.

කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 550 ක් ලෙස නියම කර තිබුණි. නමුත් එම මිලට කුකුළුමස් අලෙවි කළ නොහැකි බව කුකුළුමස් අලෙවිකරුවන් පවසයි.

උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කළ ද මේ දක්වා තමන්ට විසදුමක් නොලැබුණු බව ඔවුන් පවසයි.

ඒ අනුව, එළැඹෙන උත්සව සමය තුළ කුකුළුමස් අලෙවිසැල් වසා දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය අනතුරු හගවා තිබේ.

ඔවුන් අනතුරු අඟවන්නේ ඉදිරි දින කීපය තුළදී කුකුළු මස් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ යා හැකි බවය.

කුකුලු ගොවිපල හිමිකරුවන් ඉතා අධික මිලකට කුකුළු අලෙවි කරන නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.

කුකුල් මස් වෙළඳසැල් හිමියන් කියා සිටින්නේ කුකුලු  කෑම මිල අධික වීම මෙලෙස ගොවිපල හිමිකරුවන් විසින් මිල ඉහල දැමීමට හේතු වී ඇති බවය.

ඇතැම් සුපිරි වෙළඳ සැල්වල කුකුල් මස් හිඟයක් පවතින බව අප වාර්තාකරුවන් පැවසිය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 17:45