අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක සිර දඬුවම් හිමිවීම නිසා රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදු කිරීමත් සමග අද(08) පාර්ලිමේන්තුවේ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමත් සමඟ පළමුවෙන්ම කතානායකවරයා විසින් නිවේදනය ඉදිරිපත් කළ අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
එම ප්‍රකාශයක් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ප්‍රකාශයට විරෝධය දැක්වීමත් සමඟ මැති සබේ උණුසුම් තත්වයක් ඇති විය.