April 20, 2024

පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාරට බිත්තර ප්‍රහාරයක් - මන්ත්‍රීවරුන්ගෙන් "හූ" සංග්‍රහයක්

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබේ.

ඒ අනුව අද (07) පැවති සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා මන්ත්‍රීවරයා ඉන් පිටව ගොස් ඇති අතර, එහිදී ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත‍්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පවත්වා තිබේ.

එහිදී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.

"මට ඕනෑ හැටියට තමා කරන්නේ" යැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

පසුව කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සභාපතිවරයා ඉන් පිටව ගොස් තිබේ.

එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර රථයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 April 2021 17:59