April 24, 2024

බස් රථයක සිටි අසරණ අපස්මාර රෝගියෙකුට කළ අමනුෂ්‍ය ක්‍රියාව

බස් රථයකදී අපස්මාරය සෑදුණු රෝගි පුද්ගලයෙකුව බස් රථයෙන් ඇද දමා ගිය පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

බස් රථයේ දී අපස්මාරය සෑදුණු මෙම රෝගියාව රියදුරු සහ කොන්දොස්තර එක්වී හබරණ කැළෑබද ප්‍රදේශයක් ආසන්නයේ මහ මාර්ගයක දමා ගොස් තිබේ.

පසුව මාර්ගයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු විසින් වාහන නවතා අසරණව සිටි රෝගී පුද්ගලයාව සිය වාහනයට දමාගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

පසුව රෝගීව සිටි පුද්ගලයාව හබරණ ප්‍රදේශයට ගෙන ගොස් නිවස වෙත යෑමට අවශ්‍ය බස් රථයකට නග්වා ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)